දැනෙනා සුසුමට නුබගේ
ආදරය කරන්නම්
හැගෙනා නුබේ ආදරයට
තව ලන් වෙන්නම්
සුසුම් පොදට වුවද නුඹේ
තව ගුලි වෙන්නම්
පිපෙනා මල් නොමැති ලොවේ
සුවද සොයන්නම්....
පසලොස්වක සද දකින්න
පින් කර නැත්නම්
අමාවකට ආසයි මම
තුරුලෙම ඉදපන්
නුඹ හින්දා හිනාවෙන්න
මට පින් නැත්නම්
සතුට කුමට මගේ ලොවට
දුකම තිබුනදෙන්......