ඉර බැස යන
දම් පාට සැන්දෑවක
ඉන්නට තිබුනා නම්
පපුවට තුරුලු කරන්....
දැනේවි නුඹට
ආදරයේ තරම
තරු කැට බබලන
අහසටත් වැඩි තරම්...
සිත ඉගිල යයි රෑ දිවා
ලොවම සසලයි රෑ පුරා
නින්ද නොම එයි මා කරා...
කුරුටු ගෑවෙයි පිටු පුරා
කවිය ලිය වෙයි සිත මරා
සිහින හිනහෙයි කවි වටා...
නුඹ...,
වෙන්වෙන්නට මත්තෙන්
මියෙදෙන්නට ඇත්නම්...
පෑයු සද දැක
නුඹ සිහි වනවිට
තාරුකා ගනිමි
දුක නැති වෙන්නට
ආකාසේ ඇති
වලා රටා තුල
විමන් තනන්නෙමි
නුඹ සතපන්නට
දෑස් වසා ගමි
නුඹ දැක ගන්නට
සිහිනෙන් වත් දැක
සිත සැනසන්නට...
දැනෙනා සුසුමට නුබගේ
ආදරය කරන්නම්
හැගෙනා නුබේ ආදරයට
තව ලන් වෙන්නම්
සුසුම් පොදට වුවද නුඹේ
තව ගුලි වෙන්නම්
පිපෙනා මල් නොමැති ලොවේ
සුවද සොයන්නම්....
පසලොස්වක සද දකින්න
පින් කර නැත්නම්
අමාවකට ආසයි මම
තුරුලෙම ඉදපන්
නුඹ හින්දා හිනාවෙන්න
මට පින් නැත්නම්
සතුට කුමට මගේ ලොවට
දුකම තිබුනදෙන්......