Tuesday, December 27, 2011

කවිය කුමකට..

මලක් වි ඇයි සුවද මෙතරම්
           කැලයෙ පිපි පරවෙලා යා නම්


සිහින පොදිබැද කුමට මෙතරම්
          ආදරේ සුව හැගුම් නැතිනම්


මගේ සුසුමන් කුමට මෙතරම්
          හදවතට නුබෙ දැනෙන් නැතිනම්


කවිය කුමකට ලියනු මෙතරම්
          නුබට මගෙ සිත නොතේරේනම්..

Saturday, December 24, 2011

මමයි නුඹේ වියපත් බඹරා


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...

මගෙ හදවත බොහොම ස්පර්ෂ කරපු වගේම මාව ගොඩක් සංවේදී කරපු ගායකයෙක් තමයි අමරසිරි පීරිස් නම් සුන්දර කලාකරුවාලාංකීය සංගීත අඹරේ රන් තරුවක් ලෙස හැදින්වෙන අමරසිරි පීරිස් නම් විශිෂ්ඨ කාලාකරුවා  ඉතා දක්ෂ මෙන්ම පරිපූර්ණ ගායකයෙක් වන්නේ ඔහු විසින් ගායනා කරන ලද ගීත සමුදාය නිසයි.ගැඹුරු කට හඩ මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් ඔහුගේ ගීතවලට සමකල හැකි වෙනත් නිර්මාණ නැති තරම්.
ධම්මික බණ්ඩාර නම් ගීත රචකයා අතින් ලියවුනු සැබෑ අත්දැකීමක් අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පරිවර්තනය උනේ ගීතයට පෙම් බදින්නන්ට තවත් නැවුම් රසක් දායාද කරමින්. .

ආදරය වයස් භේදයක නොමැතිව හැමදෙනාටම දැනෙන හැගීමක්.ඒකට වයස් භේදයක් නැහැ.මේ ගීතයත් එයට හොදම උදාහරනයක්.ලංකාවෙ තවත් එක් වැඩිහිටි ගායකයෙකුට උනු සැබෑ සිද්ධියක් තමයි මේ රචනාවෙලා තියෙන්නේ.

මේ ගායකයා කළුතර ප්‍රදේශයේ සංගීත පන්තියක් කරගෙන ගියා.ඔහුගේ පන්තියට ආවා වයලින් ඉගෙන ගන්න තරුණ ගැනැණු ළමයෙක්.ඔහුට ඇය පිළිඹද පුදුමාකාර ආදරයක් ඇති උනා.මේ පුංචි කෙල්ල පන්ති නොපැමිනෙන දිනවල ඔහුට පන්තිය කරන්නවත් හිතුනෙ නැහැ. තරම් ඔහුගේ හිත අර පුංචි කෙල්ලට බැදිලයි තිබුනේ.ඔහු පන්තිය කරන අතර තුර කවුළුවෙන් මග බලා සිටිනවා ඇය එයි කියා.
ධම්මික එක් දිනක් මේ ගායකයා හමුවන්න යනවා ගීතයකට තනුවක් නිර්මාණය කරගන්න.නමුත් ඔහු නිවසේ සිටියේ නැහැ.පසුව ඔහු අවන්හලක බලන අවස්ථාවේදී මේ ගායකයා එම අවන්හලේ හොදටම බොනවා.ධම්මික් දුටු සැනිනි මේ වැඩිහිටි ගායකයා හඩාවැටුනා.''මචං අර කෙල්ල කසාද බදිනවා,බුලත් අතක් දීලා මට වැදලා ගියා'' මේ ගායකයා හඩා වැටෙමින් කිව්වා.
ආදරයේ වියෝව වයස් භේදයක් නැතුව දැනෙන හැගීමක්.පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් විදින වේදනාවයි ''මගේ පුංචි රෝස මලේ'' ගීතයේ ලියවුනේ.ධම්මිකගේ පදරචනය අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පත් වුනේ එසේයි.

ආදරයට හරස් උනේ වයසයි.ඔහු වයසින් වැඩිහිටියෙක් ඇය ලාබාල තරුණියක්.ආදරයට වයස බලපාන්නේ නැහැ.නමුත් අසම්මතයැයි සිතූනමුත් තහංචි දැමිය නොහැකි හැගීමක්.

''මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...''

හිතේ ඇති ආදරේ කියාගන්න හැකියාව නැති උනත් ආසයි දේ කියන්නට.ඇය ආදරේ තේරුම් නොගත්තත් ඇය සමග තරහක් නැහැ.

''කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...''

ඇය ඔහු ලගට එනවනම් ඔහු කැමතියි.නමුත් නාවා කියලා ඇය සමග තරහ වෙන්නෙත් නැහැ.

''මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...''

මෙලෙස සැබෑ අත්දැකීමක් ගීතයක් බවට පත්වුනා.අවසාන වශයෙන් කිවහැකි දෙයනම් ආදරයට වයස් භේදයක් සීමාවක් නොමැති බවයි.



මුලු හදින් පෙම් කල නමුත්




නොලැබෙන බව
දැනෙන මුත්
හිගමන් යදිමි
තවමත්
මුලු හදින්
පෙම් කරන මුත්
ක්ෂිතිජයයි නුබ
නොවෙනස්.

Friday, December 23, 2011

පැතුම්..




දුරින් සිටිමින් බලමි නුබ රුව
නුබේ සතුටම පතන්නම්..
රැයේ දිලෙනා තාරුකා තුල
නුබේ නෙතු කැට සොයන්නම්..
සතුට ගෙනනා නුබේ සිත ගැන
දහස්වර කවි ලියන්නම්..
සදා නොවෙනස් නුබට බැදි පෙම
මතු සසරෙදිත් මම පතන්නම්..

Thursday, December 22, 2011

පැතුමක් විතරක් වේවිද මන්දා...

ඉර බැස යන දම් පැහැ සවසක
තුරුලු වෙන්නට මගෙ පපුවට
එනවාද ඔබ මගේ තුරුලට
තුරුලු කරන් ආදරය ගුලි කර


තාරකාවන් වගේ බබලන
හැගුම් සිරවුන ඔබේ නෙතු යුග
තුල සිටන් ජීවිතය දැකුමට
වරම් දෙනවද මේ සසර තුල.

Wednesday, December 21, 2011

අයිති නැති හදවතට..

සත්තයි
ඔය හදවතට
ආදරේ කලා
මම
මගේ මුලු හදින්ම
ඒත්
කෙසේ විස්වාස කරන්නද
මට අයිති නැති බව.

Monday, December 19, 2011

කුමට නිදි වරන්නද

මලානික සද එලියේ
කුමට නිදි වරන්නද
නුඹ නො එන බව දනිමි
මොහොතකටවත් ලගට...


නුඹ එක්ක දුව ඇවිද
හීන ඇහුලුව මසිත
සීතලයි මේ රැයේ
වැටෙන පිනි බිදු සේම..


සිහිනයක් දකිනවා
නෙතු පියෙන සැම විටම
උනුහුමට හරි ලෝබ
මම නුඹට තුරුලුවන..


මගෙ වගෙ තනිකමක්
නුබ සිතට දැනෙනවද
මදනලක් වගේ වත්
එනවාද මගෙ සිතට...


ඒත් නුබ නාවොතින්
දුකක් නොදැනෙන්න මට
දිය කරනු මැන කදුල
දුක පිරුන මගෙ හිතම...

මට මගේ නොවන..

කාලෙන් කාලෙට අපි විවිදාකාර දේවල් වලට, සිදුවිම්වලට මුන දෙනවා.විවිදාකාර හැගීම් සිදුවීම් ජීවිතවලට ලන් වෙනවා.ම යම් යම්  සිදුවීම් හරි උනත් වැරදි උනත්  අපි වාට ජීවිතයේ ඉක් දෙනවා.ඒ සන්තෝසය හා මානුශික හැගීම් වෙනුවෙන්.
ආදරයෙන් සතුට සොයන්න ගිහින් දුක සොයා ගන්නවා.අවසානයේ දුක සමග දුක් රස බලනවා.කොහොම උනත් විරහව ...දුක ගැන ලියලා තියෙන කවි සින්දුවලට මිනිස්සු මේ තරම්  ප්‍රිය කරන්නේ ඇත්තටම ඒ දුක හදවතේ ගැබුරුම තැනට දැනෙන නිසා වෙන්න ඇති. 
බලන්න දුක්  රස  කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා.
ඉකි ගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන

මගේම ආදරයක් තිබුණා..
හිනෙන් හිනැහී තුන්යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා..
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා

මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා..
රිදුමක් වාගේ ..

කිසිදා සුව නොවෙනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
උහුලනු බැරි තැන..

උණු කඳුලුම වගුරුවනා..
මට මගේ නොවන

මගේම ආදරයක් තිබුණා..


................................................................................................................................


ඔබ මා අතරේ ඉතිරිව අත්තේ... අතීතයක් පමණී... 
අතීතයේ තතු මේ ලොව දන්නේ... ඔබත් මාත් පමණී...
                      ආදරයට ආදරය කිරීමෙ පව..
                      ඒ..පව කරන් දුක් විදින කී දාහක් නම් ඇත්ද..?

Related Posts Plugin for WordPress, Blogger...