Wednesday, January 18, 2012

ඔබ සදක් මැයි..


ඔබ සදක් මැයි ,
සිහිලැල් . .
හිත පිරිමදිනා
සෝ දුක් සoකා නිවනා . .
නමුදු
කිසි දින අයිති නොවෙනා . . .

Saturday, January 7, 2012

අයිති නැත මට...

හදවතින් වැලපෙමින්
සිනහවෙන් කතා කලත්..
ලොවටම හොර රහසින් 
නුඹ හට පෙම් කලත්..
අයිති නැත මට නුඹවත්
නුඹේ සෙනෙහසවත්..


ආසිරි පතන්නෙමි නුඹ හට
නොසිතා මම,.. මා ගැනවත්..

එනමුදු මම නුබෙ ආදරය නොවේ.


සිතුවෙමි නුඹෙ හද මගෙමැයි කියලා
එනමුදු නුඹෙ හද මගෙම නොවේ
සිතුවෙමි නුඹෙ ලොව මගෙමැයි කියලා
එනමුදු නුඹෙ ලොව මගෙම නොවේ
සිටියෙමි මම නව ලොවක් තනාලා
එනමුදු මා හට වරම් නොවේ
බැදුනෙමි නුබ ආදරෙයි සිතාලා
එනමුදු මම නුබෙ ආදරය නොවේ.

Wednesday, January 4, 2012

ඔබ මගෙන් දුර ගිහින්

පද එකට අමුනලා
කවි සොයමි ගලපලා
කවියෙ රස සොය සොයා
සිත මගේ දුර ගියා


ජිවිතයෙ දුක මතින්
විරහ කව ලියවෙමින්
කාලයා පැන ගිහින්
ඔබ මගෙන් දුර ගිහින්
Related Posts Plugin for WordPress, Blogger...