Tuesday, July 17, 2012

සතුට කුමට මගේ ලොවට


දැනෙනා සුසුමට නුබගේ
ආදරය කරන්නම්
හැගෙනා නුබේ ආදරයට
තව ලන් වෙන්නම්
සුසුම් පොදට වුවද නුඹේ
තව ගුලි වෙන්නම්
පිපෙනා මල් නොමැති ලොවේ
සුවද සොයන්නම්....

පසලොස්වක සද දකින්න
පින් කර නැත්නම්
අමාවකට ආසයි මම
තුරුලෙම ඉදපන්
නුඹ හින්දා හිනාවෙන්න
මට පින් නැත්නම්
සතුට කුමට මගේ ලොවට
දුකම තිබුනදෙන්......

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...