Tuesday, September 4, 2012
අහිමි වග දැන දැනම
අහිමි වග දැන දැනම
පෙම් කරමි නුඹට මම
දුර සිටින මුත්, මගේ
හද නිතර නුඹ ලගම
ලොවම මට සිහිනයකි
තනි වු මට මා පමනි
නුඹ කොහිද..?
මා කොහිද..?
සමු උනා සුමිහිරි සිතක්..
කොනක් නොමැතිව ඇවිද යන විට
සමු උනා සුමිහිරි සිතක්..
නිමක් නොපෙනෙන බව සසර තුල
හදට සිහිලැල් කොදෙව්වක්..
පියාපත් ලද කුරුල්ලෙකු මෙන්
ඉගිල යන්නෙමි බොහො දුරක්..
හීන මිටියක් තුරුලු කරගෙන
ගොඩ නගමි දුක් නැති ලොවක්..
Friday, August 10, 2012
Tuesday, July 24, 2012
ආදරයේ තරම...
ඉර බැස යන
දම් පාට සැන්දෑවක
ඉන්නට තිබුනා නම්
පපුවට තුරුලු කරන්....
දැනේවි නුඹට
ආදරයේ තරම
තරු කැට බබලන
අහසටත් වැඩි තරම්...
Wednesday, July 18, 2012
කවිය ලිය වෙයි සිත මරා...
සිත ඉගිල යයි රෑ දිවා
ලොවම සසලයි රෑ පුරා
නින්ද නොම එයි මා කරා...
කුරුටු ගෑවෙයි පිටු පුරා
කවිය ලිය වෙයි සිත මරා
සිහින හිනහෙයි කවි වටා...
Tuesday, July 17, 2012
සිත සැනසන්නට...
සතුට කුමට මගේ ලොවට
දැනෙනා සුසුමට නුබගේ
ආදරය කරන්නම්
හැගෙනා නුබේ ආදරයට
තව ලන් වෙන්නම්
සුසුම් පොදට වුවද නුඹේ
තව ගුලි වෙන්නම්
පිපෙනා මල් නොමැති ලොවේ
සුවද සොයන්නම්....
පසලොස්වක සද දකින්න
පින් කර නැත්නම්
අමාවකට ආසයි මම
තුරුලෙම ඉදපන්
නුඹ හින්දා හිනාවෙන්න
මට පින් නැත්නම්
සතුට කුමට මගේ ලොවට
දුකම තිබුනදෙන්......
Friday, May 4, 2012
නුබේ ආදරය..
මගේ හැගුමන්..
නුබට දැනෙන්නේ නෑ
මගේ සුසුමන්..
නුබට පෙනෙන්නෙ නෑ
මගේ ආදරය..
නුබ දන්නේ නෑ
නුබේ ආදරය..
මට ලැබෙන්නෙ නෑ
Thursday, April 26, 2012
Wednesday, April 18, 2012
නුබ කව්ද..?
විටෙක තැව්ලක්..
විටෙක කදුලක්..
විටෙක පාලුවක්..තනිකමක්..
තවත් විටෙක ,
සිහිනයක්..සතුටක්..
සෑම විටම
බලාපොරොත්තුවක් ගෙනෙන
නුබ..
ඇත්තටම නුබ කව්ද..?
විටෙක කදුලක්..
විටෙක පාලුවක්..තනිකමක්..
තවත් විටෙක ,
සිහිනයක්..සතුටක්..
සෑම විටම
බලාපොරොත්තුවක් ගෙනෙන
නුබ..
ඇත්තටම නුබ කව්ද..?
Friday, March 30, 2012
සිතට නුබ ගැන දැනුන සෙනෙහෙන්...
සදක් සේ නුබ පාය ඇවිදින්
බිදක් වත් තරු නොදුටු විලසින්
මගේ හදවත මටත් රහසින්
සොරාගෙන ඇත අසුරු සැනකින්
වාව ගනු බෑ මටත් රහසින්
සිතට නුබ ගැන දැනුන සෙනෙහෙන්
සිතා නුබ ගැන මැවු සිහිනෙන්
අවදි නොම වෙමි යලිදු දිවියෙන්
බිදක් වත් තරු නොදුටු විලසින්
මගේ හදවත මටත් රහසින්
සොරාගෙන ඇත අසුරු සැනකින්
වාව ගනු බෑ මටත් රහසින්
සිතට නුබ ගැන දැනුන සෙනෙහෙන්
සිතා නුබ ගැන මැවු සිහිනෙන්
අවදි නොම වෙමි යලිදු දිවියෙන්
Tuesday, March 27, 2012
දැන් නුඹට අමතකද
තරුකා ගුලි ගැහෙන
සීතලට පිනි වැටෙන
මැදියමේ මැව් සිහින
කොයි තරම් සුන්දරද
සිහිනයට පන දෙමින්
හදවතට ලන් වෙමින්
සිටිය ඒ කාලයන්
දැන් නුඹට අමතකද
මෙලෙස මට දුක් දෙන්නෙ
මේ තරම් පලි ගන්නෙ
ඔබට මම රත්තරනෙ
ආදරය කලාටද
සීතලට පිනි වැටෙන
මැදියමේ මැව් සිහින
කොයි තරම් සුන්දරද
සිහිනයට පන දෙමින්
හදවතට ලන් වෙමින්
සිටිය ඒ කාලයන්
දැන් නුඹට අමතකද
මෙලෙස මට දුක් දෙන්නෙ
මේ තරම් පලි ගන්නෙ
ඔබට මම රත්තරනෙ
ආදරය කලාටද
Monday, March 26, 2012
මගේ දිවි තොර නොම කරන්...
පැතුමන්
දහසක් පොදිබැදන්..
සිතුවිලි
තව තව තදකරන්..
මාගේ
නෙතු කදුලින් තෙමන්..
මම
ඉන්නෙ කොහොමද රත්තරන්..
මිරිගුවක්
සේ නුඹ ඉදන්..
මගේ
සිත තව නොහඩවන්..
මගේ
දිවි තොර නොම කරන්..
සුමුදු
ලෙසින් මා සිත සදන්..
දහසක් පොදිබැදන්..
සිතුවිලි
තව තව තදකරන්..
මාගේ
නෙතු කදුලින් තෙමන්..
මම
ඉන්නෙ කොහොමද රත්තරන්..
මිරිගුවක්
සේ නුඹ ඉදන්..
මගේ
සිත තව නොහඩවන්..
මගේ
දිවි තොර නොම කරන්..
සුමුදු
ලෙසින් මා සිත සදන්..
Friday, March 23, 2012
ආදරෙන් නුඹ සිබිමි...
රෑ අහසෙ දිදුලනා
තරු අතර නුඹ සොයමි
නුබෙ නමින් නිල් අහසෙ
සෙනෙහෙ දෙවොලක් තනමි
කවද හෝ මතු සසරේ
නුබේ නෙතු යුගල තුල
ආදරයෙ පැහැ සොයමි
තුරුලු කරගෙන ලයට
ආදරෙන් නුඹ සිබිමි...
තරු අතර නුඹ සොයමි
නුබෙ නමින් නිල් අහසෙ
සෙනෙහෙ දෙවොලක් තනමි
කවද හෝ මතු සසරේ
නුබට ලන්වී හිදිමි
නෙතු වසා උනුහුමෙන්
නුබෙ සෙනෙහෙ සුව විදිමි
නුබේ නෙතු යුගල තුල
ආදරයෙ පැහැ සොයමි
තුරුලු කරගෙන ලයට
ආදරෙන් නුඹ සිබිමි...
Thursday, March 22, 2012
මගේ සිත අද දුකින..
හමා විත් මාරුතේ
රැගෙන ඔබ කොහෙ ගියේ....
වසන්තය කාලයේ
ලැබූ සෙනෙහස නුබේ
සැගවිලා ඇයි ගියේ....
තනිව ඇහැරි හඩන
සිහින තුල ඉකි ගසනමගේ සිත අද දුකින....
තනිව ඇත හද මගේ
දිරිය ගනු මම කෙසේ
නැතිව නුබ මගෙ ජීවිතේ....
Wednesday, March 21, 2012
නුබ සොයමි සැම තැනම..
පෙනෙනා දිගන්තයේ
මල් සොයමි පර නොවන..
නොඑනා වසන්තයේ
බලා ඉමි මා තවම..
හමා එන මද නලේ
සුවය නැත ඔබ නැතිව..
මවා පෙම් සිහින ලොව
නුබ සොයමි සැම තැනම..
මල් සොයමි පර නොවන..
නොඑනා වසන්තයේ
බලා ඉමි මා තවම..
හමා එන මද නලේ
සුවය නැත ඔබ නැතිව..
මවා පෙම් සිහින ලොව
නුබ සොයමි සැම තැනම..
Tuesday, March 20, 2012
නොවෙනස් පැතුමකි නුබ
බොද වු සිතුවමකි නුබ
කොතරම් වර්න යෙදුවත්..
සෙනෙහස කැටිකර ඇන්දත්..
ඉටු නොවෙනා සිහිනයකි නුබ
කොතරම් සිහින දැක්කත්..
සැබවින් සිහින සෙව්වත්..
නොවෙනස් පැතුමකි නුබ
නුබ අන්සතු වුවත්..
කල්පයක් ගත වුවත්..
කොතරම් වර්න යෙදුවත්..
සෙනෙහස කැටිකර ඇන්දත්..
ඉටු නොවෙනා සිහිනයකි නුබ
කොතරම් සිහින දැක්කත්..
සැබවින් සිහින සෙව්වත්..
නොවෙනස් පැතුමකි නුබ
නුබ අන්සතු වුවත්..
කල්පයක් ගත වුවත්..
Monday, March 19, 2012
Saturday, March 17, 2012
නුඹ සොදුරු සිහිනයකි
නුඹ සොදුරු සිහිනයකි
සිහිනයෙන් සතුටු වෙමි..
සතුට නුඹ බව දනිමි
නමුත් උදුරා නොගමි...
දුර උනත් මට නුබව
දුර බවින් සිත මුදමි..
මට නුඹව අහිමි බව
දැන දැනම පෙම් කරමි...
සිහිනයෙන් සතුටු වෙමි..
සතුට නුඹ බව දනිමි
නමුත් උදුරා නොගමි...
දුර උනත් මට නුබව
දුර බවින් සිත මුදමි..
මට නුඹව අහිමි බව
දැන දැනම පෙම් කරමි...
මගෙ සිත මාගෙන් දුරට ගියේ..
සද ඇති රැයේ...
නුබ නැති පැයේ..
මගෙ සිත මාගෙන් දුරට ගියේ..
නුඹගෙ සිනාවට
නුඹගෙ කතාවට
සිත මගෙ සැමදා සසල උනේ..
මගේ කදුල තුල
මගේ සුසුම තුල
නුඹට පිදුන පෙම සැගව තියේ..
නුබ නැති පැයේ..
මගෙ සිත මාගෙන් දුරට ගියේ..
නුඹගෙ සිනාවට
නුඹගෙ කතාවට
සිත මගෙ සැමදා සසල උනේ..
මගේ කදුල තුල
මගේ සුසුම තුල
නුඹට පිදුන පෙම සැගව තියේ..
Friday, March 16, 2012
මට හිමි වේ නම්....
වලා රොදක් සේ ඉන්නම්..
පවන් රොදක් වී එන්නම්..
තරු අතරින් දිව යන්නම්..
පැතුම් අතර සැතපෙන්නම්..
නුබෙ සෙනෙහස යම් දවසක
මට හිමි වේ නම්....
පවන් රොදක් වී එන්නම්..
තරු අතරින් දිව යන්නම්..
පැතුම් අතර සැතපෙන්නම්..
නුබෙ සෙනෙහස යම් දවසක
මට හිමි වේ නම්....
Wednesday, January 18, 2012
ඔබ සදක් මැයි..

ඔබ සදක් මැයි ,
සිහිලැල් . .
හිත පිරිමදිනා
හිත පිරිමදිනා
සෝ දුක් සoකා නිවනා . .
නමුදු
කිසි දින අයිති නොවෙනා . . .
Saturday, January 7, 2012
අයිති නැත මට...
හදවතින් වැලපෙමින්
සිනහවෙන් කතා කලත්..
ලොවටම හොර රහසින්
නුඹ හට පෙම් කලත්..
අයිති නැත මට නුඹවත්
නුඹේ සෙනෙහසවත්..
ආසිරි පතන්නෙමි නුඹ හට
නොසිතා මම,.. මා ගැනවත්..
සිනහවෙන් කතා කලත්..
ලොවටම හොර රහසින්
නුඹ හට පෙම් කලත්..
අයිති නැත මට නුඹවත්
නුඹේ සෙනෙහසවත්..
ආසිරි පතන්නෙමි නුඹ හට
නොසිතා මම,.. මා ගැනවත්..
එනමුදු මම නුබෙ ආදරය නොවේ.
සිතුවෙමි නුඹෙ හද මගෙමැයි කියලා
එනමුදු නුඹෙ හද මගෙම නොවේ
සිතුවෙමි නුඹෙ ලොව මගෙමැයි කියලා
එනමුදු නුඹෙ ලොව මගෙම නොවේ
සිටියෙමි මම නව ලොවක් තනාලා
එනමුදු මා හට වරම් නොවේ
බැදුනෙමි නුබ ආදරෙයි සිතාලා
එනමුදු මම නුබෙ ආදරය නොවේ.
Wednesday, January 4, 2012
ඔබ මගෙන් දුර ගිහින්
පද එකට අමුනලා
කවි සොයමි ගලපලා
කවියෙ රස සොය සොයා
සිත මගේ දුර ගියා
ජිවිතයෙ දුක මතින්
විරහ කව ලියවෙමින්
කාලයා පැන ගිහින්
ඔබ මගෙන් දුර ගිහින්
කවි සොයමි ගලපලා
කවියෙ රස සොය සොයා
සිත මගේ දුර ගියා
ජිවිතයෙ දුක මතින්
විරහ කව ලියවෙමින්
කාලයා පැන ගිහින්
ඔබ මගෙන් දුර ගිහින්
Subscribe to:
Posts (Atom)